කෙහෙළිය පාර්ලිමේන්තු එන්නේ නෑ කියලා ලියුමක් යවලා

බාල ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බව ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් දැනුම්දී තිබෙනවා.
ඔහු එම ලිපිය මගින් දන්වා තිබෙන්නේ, අසනීප තත්වයෙන් පසුවන හෙයින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බවයි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු පසු ඔහුගේ ලේකම්වරයකු විසින් කරන ලද ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි කරවීමට කතානායකවරයාගේ උපදෙස් මත වේත්‍රධාරිවරයා සියලු කටයුතු සූදානම් කර තිබුණා.
ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබුණා.
මේ අතර ඔහුගේ අසනීප තත්වය සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය බන්ධනාගාර කොමසාරිස්වරයාට පසුගියදා නියෝග කළා.