විදෙස්

රාජ්‍ය රහස් පිටමං කළැයි චීනය ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියක් වසර තුනක් සිර කරලා

වසර තුනක් පුරාවට චීනයේ රඳවාගෙන සිටි ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදිනියක් වන චෙන්ග් ලී  ප්‍රථම වරට ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ජනතාව වෙත ලියන ලද විවෘත ලිපියක් මඟින් ඇය එම ප්‍රකාශය සිදු කර තිබුණා. 

චීනයේ රාජ්‍ය ඉංග්‍රීසි භාෂා රූපවාහිනී මධ්‍යස්ථානයෙහි (CGTN) ව්‍යාපාරික වාර්තාකාරිනියක ලෙස සේවය කරමින් සිටි අතරතුර 2020 අගෝස්තු 13 වන දින,  චීනයේ රාජ්‍ය ආරක්ෂක නිලධාරීන් විසින් ඇයව රඳවා ගැනීමට කටයුතු කර තිබුණා.

එලෙස රැගෙන යාමේදී මෙන්ම  අත්අඩංගුවට ගෙන මාස හයක කාලයක් ගෙවෙන තෙක් ඇයව කිසිදු චෝදනාවකින් තොරව හුදකලා සිර කඳවුරක රඳවා තැබීමට චීන බලධාරීන් කටයුතු කර තිබෙනවා. 

පසුගිය වසරේ මාර්තු මාසයේදී චෙන්ග් ලී මහත්මියට එරෙහිව රහසිගතව නඩු විභාගයක් සිදුකර ඇති අතර එහිදී ඇයට තවත් වසරකුත් මාස හතරක කාලයක  සිරදඬුවම් නියම කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නීති විරෝධී ලෙස රාජ්‍ය රහස් විදේශයන් වෙත සැපයීම එහිදී ඇයට එල්ල වුණු චෝදනාව බවයි.

චීනයේ සිර කඳවුර තුළ ඇය ගත කරන ජීවිතය සම්බන්ධයෙන් ඇගේ ලිපියේ මෙලෙස සඳහන් වුණා.

“මට ඉර එළිය නොමැතිව පාලුවක් දැනෙනවා. මගේ සිරකුටියේ ජනේලයෙන් ඉර එළිය දිලිසෙන හැටි මට පේනවා. ඒත් මට එය දැකගන්න අවසර තිබෙන්නේ වසරකට පැය 10ක කාලයක් පමණයි…වසර තුනක කාලයක සිට මම ගසක් දැක නැහැ.” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button