දේශීය
ජපන් විදේශ අමාත්‍යවරිය දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය අද දිවයිනට පැමිණ තිබෙනවා.
දෙදින නිළ සංචාරයක් සදහා ඇය දිවයිනට පැමිණී බවයි වාර්තාවන්නේ.
මෙරට ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජපානයේ සහයෝගය තවදුරටත් ලබා දීම ජපාන විදේශ කටයුතු අමාත්‍යවරියගේ සංචාරයේ අරමුණ වී තිබෙනවා.
ඒ අනුව ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මෙරට නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.