දේශීය

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී

බිඳවැටීමක් හේතුවෙන් දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල හරහා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ එම දෝෂය නිවැරදි කිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු යොදා ඇති බවය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල මෙහෙයුම් පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව ඇත.

මේ අතර එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ එක්දින සේවය හරහා විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති පුද්ගලයින් සඳහා එම බලපත්‍ර ස්පීඩ් පෝස්ට් හරහා ලබාදීම සඳහා කටයුතු යොදා ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button