දේශීය
ඉරාන ශ්රී ලංකා සබඳතා තවදුරටත් පුළුල් කෙරේ

අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරානයේ නව තානාපති අලිරේසා ඩෙල්කොෂ් මහතා අතර හමුවක් අද (06) අරලියගහ මන්දිරයේදී සිදුවී තිබෙනවා.
අතීතයේ සිටම දෙරට අතර පවතින මිත්රත්වය සහ සමීප සමාජ සංස්කෘතික සබඳතා ගැන සඳහන් කළ ඉරාන තානාපතිවරයා, ඉරානය සහ ශ්රී ලංකාව අතර ආර්ථික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් පුළුල් කිරීමට තම රාජ්යතාන්ත්රික ධුර කාලය තුළ කටයුතු කරන බවට සහතිකවී ඇති බවටයි වාර්තාවන්නේ.
වත්මන් ආර්ථික ගැටලුවලින් කඩිනමින් යථා තත්ත්වයට පත්වීමට මෙන්ම සංවර්ධන කටයුතු සඳහා ශ්රී ලංකාවට ලබාදී ඇති සහයෝගය පිළිබඳවද අග්රාමාත්යවරයා ඉරානයට ස්තූති කර තිබෙනවා.
අග්රාමාත්ය ලේකම් අනුර දිසානායක මහතා සහ ඉරාන තානාපති කාර්යාලයේ ආර්ථික සහ කොන්සියුලර් අංශයේ ප්රධානී K. සොහීල්ද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.