දේශීය

අතුරුදන් වූ සිසුවියන් ගැන තොරතුරක්

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතරතුර අතුරුදන් වූ පාසල් සිසුවියන් දෙදෙනා ඥාති නිවසක සිටිය දී හමුවී තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ එම සිසුවියන් ඥාති නිවසක සිටින බවට ඔවුන් දෙදෙනාගේ පවුලේ අය විසින් පොලීසිය වෙත දැනුම්දී තිබුණා.

ගිනිගත්හේන පොලිස් වසමේ අඹගමුව ජාතික පාසලේ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානයට පැමිණි සිසුවියන් දෙදෙනා පසුගිය 14 වනදා විභාගයට පෙනී නොසිට අතුරුදන් වී තිබුණා.

ඒ අනුව දරුවන් සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් විසින් ගිනිගත්හේන පොලීසියට පැමිණිල්ලක් ද යොමු කළා.

පසුව සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ රැකියාවක් සොයා ගැනීමේ අපේක්ෂාවෙන් සිසුවියන් දෙදෙනා කොළඹ පැමිණ ඇති බවත්, කඩුවෙල ප්‍රදේශයේ ඥාතී නිවසකට ගොස් ඒ බව දෙමාපියන්ට දැනුම් දී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button