දේශීය

උද්ධමන අනුපාතය  ඉහළට

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2023 දෙසැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 ඒ අනුව, කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2023  දෙසැම්බර් මාසය සදහා 4.0 % ක් දක්වා වැඩිවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

එය 2023 නොවැම්බර් මාසය සඳහා 3.4 % ක් ලෙස වාර්තාවී තිබුණා.

එමෙන්ම, 2023 දෙසැම්බර් මාසයයේදී වාර්ෂික ආහාර උද්ධමනය  0.3% දක්වා  වැඩි වී ඇති අතර නොවැම්බර්  මාසයේ දී එය වාර්තා වුයේ -3.6 % ක්  ලෙස වාර්තා වුණා.

මේ  අතර, දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 5.8 % ක් දක්වා අඩුවී ඇති අතර එය 2023 නොවැම්බර් මාසයේ 6.8 % ක් ලෙස වාර්තාවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button