දේශීය
ඉන්දියාව චීනය අභිබවා යයි

ඉන්දියාව, මේ වසරේ මුල් මාස 04 තුළ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 968ක ණය ආධාර ලබාදී තිබෙනවා.
ඒ අනුව චීනය අභිබවා මෙරට විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා බවට ඉන්දියාව පත්ව ඇති බවට වාර්තා වෙනවා.
2017 වසරේ සිට 2021 දක්වා මෙරට විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වූ චීනය එම කාලය තුළ ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 947කි.