ක්‍රීඩා
ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, තමාට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට සුදුසුම කාලය මෙය වන බවයි.
වමත් දඟපන්දු යවන්නෙකු ලෙස සහ මැදපෙළ පිතිකරුවෙකු ලෙස ඉමාඩ් වසීම් පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 55ක් සහ විස්සයි විස්ස තරග 66ක් ක්‍රීඩාකර තිබෙනවා.
මේ වසරේ අප්‍රේල් මාසයේදී නවසීලන්තයට එරෙහි තරඟාවලියේදී ඔහු අවසන් වරට පාකිස්තානය නියෝජනය කර තිබුණා.
34 වැනි වියෙහි පසු වන ඉමාඩ් වසීම් එක්දින තරඟවලදී කඩුලු 44ක් සහ ලකුණු 986ක් ලබාගෙන ඇති අතර, විස්සයි විස්ස තරඟවලදී කඩුලු 65ක් සහ ලකුණු 486ක් රැස් කරගෙන තිබෙනවා.