දේශීය

නීති විරෝධි පෞරාණික භාණ්ඩ අළෙවිය හමුදා බුද්ධි තොරතුරකින් ව්‍යර්ථ වේ

පෞරාණික වටිනාකමකින් යුත් පුරාවස්තු තොගයක් නීති විරෝධී අයුරින් කෝටි පහකට අධික මුදලකට අලෙවි කිරීමට සූදානම්වීමේදී යුධ හමුදා බුද්ධි අංශය සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කරණ ලද වැටලීමකඳී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

මතුගම, පැලවත්ත, ලිහිනියාව ප්‍රදේශයේ විහාරස්ථානයක ප්‍රදර්ශනයට තබා තිබූ ඓතිහාසික වටිනාකමින් යුත් මෙම පුරාවස්තු තොගය නීති විරෝධීව පුද්ගලයෙකු මාර්ගයෙන් ඊ​යේ (11) පෙරවරුවේ​දී අලෙවි කිරීමට යාමේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර පෞරාණික වටිනාකමකින් යුත් රන්, කිරිගරුඬ, රත් හඳුන් ශෛලමය ප්‍රථිමා එක බැගින්, කුඩා ප්‍රමාණයේ ඇත් දළ යුවලක්, කළු හා සුදු වර්ණයෙන්යුත් කස්තුරි සහ සෙනර වලිග යුවල බැගින් , ඉපැරණි මුදල් නොට්ටු සහ කාසි කිහිපයක්, මෙන්ම වෙනත් පෞරාණික භාණ්ඩ කිහිපයක් ඇතුලත්.

මෙම වැටලීමේදී අදාල පෞරාණික වටිනාකමකින් යුත් භාණ්ඩ තොගය අලෙවි කිරීමට තැත් කරන ලද පැලවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 24 ක සැකකරුවෙකු හා යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු මීගහතැන්න පොලීසිය විසින් සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button