මහ බැංකු අධිපතිතුමා ඉවත් කරන්න ඕනනම් ඒ වෙනුවට මම යන්නම්- අමාත්‍ය අලි සබ්‍රි

මහ බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වූ අදහස් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අද(02) පාර්ලිමේන්තුවේ දී දීර්ග අදහස් දැක්වීමක් සිදු කළා.
එහි දී තමා මුදල් අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ගත් සියලු තීන්දු තීරණවල වගකීම භාර ගැනීමට තමන් සූදානම් බව සඳහන් කළා.
එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අලි සබ්‍රි අමාත්‍යවරයා කියා සිටියේ, මහ බැංකුවේ උපදෙස් මත රට ණය ගෙවීම් නවතා දමන බවට සිදු කළ ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නො කිරීම හෝ එම ක්‍රියාමාර්ග හරහා යම් අගතියක් සිදු වී යැයි මෙම සභාවේ සිටින කිසියම් හෝ කෙනෙකුට සිතේ නම්, එම සියලු තීන්දු තීරණ පිළිබඳ සමස්ත වගකීම තමා ගන්නා බව ප්‍රකාශකළා.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ කියා සිටියා…
“සල්ලි නෑ ගෙවන්න, ඩොලර් මිලියන 203ක් ගෙවන්න තියනවා. භාණ්ඩාගාරයේ තිබ්බෙ අමෙරිකානු ඩොලර් තිස් හත් දාහයි. එතකොට ඒවා ගෙවනව ද ණය ගෙවනව ද? මට හිතා ගන්න බෑ! මම ඒ වගකීම බාර ගත්තා. මම ඒ තීරණය අවශ්‍ය අයත් එක්ක සාකච්ඡා කළා. මට ඒ තීරණය ගන්න මහ බැංකු අධිපතිතුමා අවශ්‍ය උපදෙස් දුන්නා. නමුත් කාට හරි ඔහුව ඉවත් කරන්න ඕන නම්, මම පැත්තකට යන්නම්, එතුමාව තියා ගන්න. ඔහු ගත්ත තීරණවලින් අද ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවා. බොරුවට මිනිස්සු පස්සෙ යන්න එපා. මේ වගේ නිර්භීත තීරණ ගන්න මිනිස්සු තියාගන්න ඕන.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.”
ඊයේ සවස පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රට නිල වශයෙන් ණය ගෙවීම් අත් හැර දමන බවත්, බංකොලොත් බවත්, ජාත්‍යන්තරයට ප්‍රකාශ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් නො කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියා.
මෙහි දී ඔහුගේ ප්‍රකාශයට අලගු තැබූ එක්සත් ජාතික පක්ෂය පත් කළ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කියා සිටියේ, මෙම ක්‍රියාවලියට ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් සෘජුව වගකිව යුතු බවය.