ගාසාහි රෝහල් සුසාන භූමි බවට පත්වෙලා – ලෝක සෞඛ්‍ය සංවිධානය

උතුරු ගාසාහි ජබාලියා සරණාගත කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් සරණාගතයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.
මධ්‍යම ගාසාහී සිවිල් වැසියන්ගේ නිවාසවලට එල්ල කළ ප්‍රහාරවලින්ද විශාල පිරිසක් මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.
මේවන විට පලස්තීනයේ රෝහල් පද්ධතිය ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් සම්පූර්ණයෙන් බිඳවැටී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ රෝහල් සුසාන භූමි බවට පත්ව ඇති බවයි.
රෝහල් ඇතුළත සහ පිටත නොමෙරූ බිලිඳුන් ඇතුළු මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩගසා ඇති බවයි වාර්තාවන්නේ.
අඛණ්ඩව එල්ලවන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දරුවන් කාන්තාවන් ඇතුළු 100 ගණනක් දෛනිකව මියගියද එම සංඛ්‍යා ලේඛන මේවන විට යාවත්කාලීන වීමක් සිදුනොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර හමාස් ප්‍රකාශක ඔසාමා හම්දාන් පැවසුවේ, ප්‍රාණ ඇපකරුවන් මුදාහැරීම සඳහා මැදිහත්කරුවන් සමග එකඟතාවලට පැමිණියද ඊශ්‍රායලය නැවත නැවතත් අවසන් මොහොතේ කොන්දේසි වෙනස් කරමින් එය මඟහරින බවයි.
පලස්තීන ජනතාව සමූල ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දෙන බව පවසමින් අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඉහළ නිලධාරීන්ට එරෙහිව පලස්තීන ජාතිකයින් පිරිසක් අමෙරිකානු ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.