දේශීය
රෝහල්වල ඖෂධ ඔතා දෙන්න කඩදාසි ගේන්න කියයි

බලන්ගොඩ ප්‍රදේශයේ ඇති රජයේ ග්‍රාමීය රෝහල් වල සහ ප්‍රථමික ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයකම රෝගින් වෙත ඖෂධ දමා දිිම සදහා අවශ්‍ය කෙරෙන (බහලුන් කවර) කුඩා කඩදාසි කවර හිග විම හේතුවෙන් රෝගිින් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලද දැඩි අපහතාවයට පත්වෙන බවට වාර්තා වෙනවා.
රෝගින් එම රජයේ වෛද්‍ය මධ්‍යස්ථාන වලින් ප්‍රතිකාර ලබා ගත් පසුව නිවෙස්වලට ඖෂධ රැගෙන යැම සදහා එම වෛද්‍ය මධ්‍යස්ථාන වල මෙලෙස කඩදාසි කවර හෝ ඖෂධ ඔතා දිම සදහා කඩදාසි හෝ නොමැති කම හේතුවෙන් තමන් දැඩි අපහතාවයට පත්වෙන බවද ජනතාව සදහන් කරනවා.
ග්‍රමිය රොහල්වලට ප්‍රතිකාර ලබාගැනිමට යන විට කුඩා කඩදාසි කවර රෝගියා විසින් රැගෙන යා යුතු බවත් ඇතැමි සෞඛ්‍ය මධ්‍යස්ථා වල එක් කඩදාසි කවරයකට ඖෂධ වර්ග කිහිපයක් දමා දෙන බවද ඔවුන් පවසනවා.