විදෙස්

සෞදි අරාබියට නිවාඩු

මෙවර පාපන්දු ලෝක කුසලානයේදී ආර්ජන්ටිනා කණ්ඩායමට එරෙහිව ලැබූ ජයග්‍රහණයේ සතුට සැමරීම වෙනුවෙන් සෞදි අරාබි රජු විසින් අද (23) එරට රජයේ සහ පුද්ගලික අංශයේ සියලු අංශවලට නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.
ආර්ජන්ටිනාවට එරෙහි තරගය සෞදි අරාබිය ඊයේ ජය ගත්තේ ගෝල 2-1ක් ලෙසයි.

මේ අතර ආර්ජන්ටිනාවේ තරග 36 ක අපරාජිත වාර්තාව සෞදි අරාබිය හමුවේ ඊයේ අවසන් වුණා.

ඔවුන් අවසන් වරට පරාජයට පත් වූයේ 2019 ජූලි 3 වැනි දින බ්‍රසීලය හමුවේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button