දේශීය
මහා විනාශයක් වැළැක්වූ වීරෝදාර රණවිරුවන්

පැවති අධික වර්ෂාව මත මාතලේ දිස්ත්රික්කයේ ගලේවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ තලකිරියාගම ග්රාමනිලධාරී වසමෙහි පිහිටි රජමහා වැව දකුණු ඉවුරේ සිදුවූ ගිලා බැසීම හේතුවෙන් එම ඉවුර බිඳීයාමේ අවධානම වැළැක්වීමට ශ්රී ලංකා පාබල හමුදාව කටයුතු කළා.
මෙම ක්රියාව සිදු කරනු ලැබුවේ, ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් නලින්ද නියංගොඩගේ උපදෙස් මතයි.
ඒ අනුව, 111 බලසේනා මූලස්ථානයේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ 4 වන බලඇණිය, ශ්රී ලංකා පාබල හමුදාව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහයක ඉංජිනේරුවරුන්ගේ උපදෙස් මත එය වැලි කොට්ට යොදාගනිමින් වේල්ල කැඩීයෑම වැලැක්වීමට පියවර ගත්තා.
මේ හේතුවෙන්, තලකිරියාගම ගොවි පවුල්වලට මෙන්ම, එම ග්රාමයේ පහත් බිම්වල පිහිටි නිවාසවලට සිදුවීමට ගිය විනාශය වළක්වනු ලැබුවා.