දේශීය

අත්හිටවූ බස්නාහිර පළා​තේ වාර විභාග පැවැත්වෙන දිනය මෙන්න

තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10,11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු හෙට (06) දිනයේ යළි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු​ව සඳහන් කළේ, වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා හෙට දිනයේ සිට යළි විභාග කටයුතු පැවැත්වීමට නියමිත බවයි.

විභාගය පැවැත්වීමට පෙර විද්‍යාව, ඉතිහාසහ, ඉංග්‍රීසි සහ ගණිතය යන ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම හේතුවෙන් 10,11 ශ්‍රේණිවල විභාග කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් නව ප්‍රශ්න පත්‍ර සකස් කිරීමෙන් අනතුරුව හෙට දිනයේ සිට අදාළ ශ්‍රේණිවල විභාග කටයුතු යළි පැවැත්වීමට නියමිත බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු​ව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button