ඔස්ට්‍රේලියාවට යන්න අලුත් වූ Visa කොන්දේසි මෙන්න

ලබන ජූලි මස පළමුවනදා සිට ඔස්ට්‍රේලියාවේ සංචාරක වීසා හිමියන්ට එරටට ගොස් ශිෂ්‍ය වීසා සඳහා අයැදුම් කිරීමට හැකියාවක් නොලැබෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
ඒ, ඔස්ට්‍රේලියාව පසුගිය 2023 වසරේ දෙසැම්බර් මාසයේදී පළමු වරට හඳුන්වාදුන් සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ තවත් පියවරක් ප්‍රකාශයට පත් කිරීමත් සමගයි.
ඔස්ට්‍රේලියාව පසුගිය 2023 වසරේ දෙසැම්බර් මාසයේදී පළමු වරට හඳුන්වා දුන් සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ තවත් පියවරක් ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව, ලබන ජූලි මස පළමුවනදා සිට සංචාරක වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාව තුළ සිට ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කිරීමට හැකියාවක් නොලැබෙනු ඇති.
ඔස්ට්‍රේලියාවේ සංචාරක වීසා සහ ශිෂ්‍ය වීසා වෙනුවෙන් මෙම නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබෙනවා.
එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ , පසුගිය වසරේ ජූලි පළමුවැනිදා සිට මෙම වසරේ මැයි මස අවසානය දක්වා සංචාරක වීසා හිමියන්ගෙන් ශිෂ්‍ය වීසා අයදුම්පත් 36,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.
එමගින් පෙන්නුම් කෙරෙන්නේ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයින් ශිෂ්‍ය වීසා ඉල්ලුමට වැඩි වැඩියෙන් යොමුවීම බව ද ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.