මලයහ ජනතාවගේ අධ්‍යාපනයට ඉන්දියාවෙන් උදව්

මලයහ ජනතාව හෙවත් ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවගේ අධ්‍යාපන කටයුතු නංවාලීම සඳහා ඉන්දීය රජය මැදිහත් වන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසනවා.
ඇය මෙසේ පැවසුවේ මලයහ ප්‍රජාව මෙරට පැමිණ වසර 200 සැමරෙන ඊයේ (02) වැනිදා පැවති උත්සවයට සහභාගි වෙමින්.
ඇය එහිදී පවසන්නේ, අධ්‍යාපනය කිසිදු බලවේගයකට විනාශ කළ නොහැකි එකම ධනය බව ඉන්දීය රජයේ විශ්වාසය බවයි.
එහිදී මලයහ ජනතා සුබසාධනය වෙනුවෙන් බොහෝ පියවර ගන්නා අතර අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව අමාත්‍යවරිය සඳහන් කරනවා.
ඒ අනුව ඇය වැඩිදුරටත් පවසන්නේ, ගුරු පුහුණු අවස්ථා ලබා දීමට ඉන්දීය රජය තීරණය කර තිබෙන අතර ගුරු පුහුණු ශිෂ්‍යත්ව ලබා දෙන බවත්, ගුරු පුහුණු උපදේශකයන් මෙහි එවීමට කටයුතු කරන බවයි.
එමෙන්ම මලයහ ජනතාව වෙනුවෙන් දැනට ගොඩ නගා ඇති නිවාස 4000ට අමතරව තවත් නිවාස 10000ක් ලබා දීමේ ව්‍යාපෘතියකටද ඊයේ මුල්ගල් තැබුණා.