ජනපති අපේක්ෂකත්වයට අනුරට වඩා හරිනි සුදුසුයි – හිරුණිකා

ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරියට හොඳ දේශපාලන ගමනක් තිබෙන හෙයින් ඇය ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව සඳහන් කළේ, පසුගියදා (28) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මධ්‍ය හමුවට එක්වෙමින්.
ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරියට හොඳ දේශපාලන ගමනක් තිබෙන බවත් ජාතික ජන බලවේගයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුත්තේ හරිනි අමරසූරිය බවත් ඇය සඳහන් කළා.
එමෙන්ම අනුර කුමාර දිසානායකට භයානක, කිලිටි අතීතයක් තිබෙන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියා.
එහිදී ඒ මහත්මිය වැඩිදුරටත් දැක්වූ අදහස්,
“හරිනි අමරසූරියට එවැනි අතීතයක් නෑ. ඇය උගත් බුද්ධිමත් ජාත්‍යන්තර සබඳතා තිබෙන කාන්තාවක්. අනුර කුමාරට වඩා හරිනි අමරසූරිය ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුයි. ගණිකා වෘත්තිය නීතිගත කරන යෝජනාව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්වලට ඇතුළත් කරන බව හරිනි අමරසූරිය ප්‍රකාශ කරලා තිබෙනවා.
ඔවුන් එය පාදක කරගෙන තිබෙන්නේ කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට නම් හරිනි අමරසූරියට පුළුවන් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගේන්න පාදඩ නීතිය අහෝසි කරන්න කියලා. ඔවුන්ට කැක්කුමක් තිබෙනවා නම් ක්‍රියාවෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න හරිනි අමරසුරියට පුළුවන්.
ගණිකා වෘත්තිය නීතිගත කරන බව සමගි ජන බලවේගයේ රැස්වීමක කිව්වොත් මිනිස්සු අපට බනියි. නමුත් මාලිමාවේ රැස්වීම් ඉදිරියේ ඉඳගෙන සිටින කාන්තාවන් එවැනි කතා අහගෙන ඉන්නා. දුවෙක් ඉන්න අම්මා කෙනෙක්ට පුළුවන්ද එවැනි කතා අහගෙන එවැනි කතාවටල අත්පුඩි ගහන්න. නිවැරදි වැඩපිළිවෙළකි තිබෙන දැක්මක් තිබෙන තැනක් කාන්තාවන් තෝරාගත යුතුයි.”