ක්‍රීඩා

2024 IPL තරඟවාරයට පෙර හර්දික් පාණ්ඩ්‍යා නැවතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට

හර්දික් පාන්ඩ්‍යා ඊයේ (27) මුම්බායි කණ්ඩායම සමඟ එක්වූ විඩියෝවක් මුම්බායි ඉන්දියන් නිල යූ ටියුබ් නාළිකාවට එක් කර තිබුණා.

හර්දික් පාන්ඩ්‍යා ලීග් තරග ආරම්භ කළේ 2015 වසරේදී මුම්බායි පිල සමඟයි.

2015දී මුම්බායි පිල පාණ්ඩ්‍යාව මිලදී ගත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 10ක මුදලකට බවයි වාර්තාවන්නේ.

එතැන් පටන් 2022 වසර දක්වා පාන්ඩ්‍යා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ ක්‍රීඩා කළා.

ඊයේ පස්වරුවේ එම කණ්ඩායම නිවේදනය කළේ, පාන්ඩ්‍යාගේ ඉවත්වීමෙන් පුරප්පාඩූවූ ගුජරාට් පිලේ නායකත්වය වෙනුවෙන් ශුබ්මන් ගිල්ව පත්කළ බවයි.

2022 වසරේදී ගිල්ව ගුජරාට් ටයිටන්ස් පිල ඉන්දීය කෝටි 8ක මුදලකට මිළදී ගත් අතර එම වසරේදී ඔහු ලකුණු 483ක් කණ්ඩායම වෙනුවෙන් වාර්තා කිරීමට සමත්වී තිබෙනවා.

මෙම වසරේදී ගිල් IPL  තරඟාවලියේදී රැස්කළ ඉහළම ලකුණු සංඛයාව වාර්තා කිරීමටද සමත්වුණා.

ඒ අතර අයි පී එල් තරඟාවලියේදී ශතක රැස්කළ සිව්වන IPL ක්‍රීඩකයාගේ වාර්තාවද ලියැවි ඇත්තේ ෂුබ්මන් ගිල්ගේ නම ඉදිරියෙන් බවයි සඳහන්වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button