කලා
MPI සිනමා මණ්ඩලයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂකවරුන් වෙනස් වෙයි.

MPI සිනමා මණ්ඩලයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂකවරුන් ලෙස චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු සහ ආචාර්‍ය අරෝෂ ප්‍රනාන්දු යන මහත්වරු පත් කර තිබෙනවා.
ඉංග්‍රිසි,හින්දි හා දමිළ චිත්‍රපටි ආනයනය කර ප්‍රදර්ශනය කිරීම ප්‍රමුඛකොටගත් MPI මණ්ඩලයට රටපුරා සිනමා ශාලා 34ක් ඇතුළත් වෙනවා.
සමූහ කළමනාකාර අධ්‍යක්ෂකවරුන් ලෙස සුනිල් ටී.ප්‍රනාන්දු සහ ආචාර්‍ය අරෝෂ ප්‍රනාන්දු යන මහත්වරු පත්වුනේ ඉකුත් 28 වැනිදා වාණිජ මහාධිකරණයේ අංක 02හි පැවති නඩු තීන්දුවකට අනුවයි.
සුනිල් ටී ප්‍රනාන්දු මහතා චිත්‍රපට 75ක් නිෂ්පාදනය කර ඇති අතර, ආචාර්‍ය අරෝෂ ප්‍රනාන්දු මහතා චිත්‍රපට 17ක්,ටෙලිනාට්‍ය 5ක් හා වේදිකා නාට්‍ය 2ක්ද නිෂ්පාදනය තිබෙනවා.
සංචාරක කටයුතු ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන්ද ආචාර්‍ය ආරෝෂ ප්‍රනාන්දු මහතා කටයුතු කරනවා.