ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය ඊයේ (25) පැවැත්වුණා.
ඉතා අසීරු ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායම ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ලකුණු 309 ක අමිහිරි පරාජයක් ලැබුවා.
නෙදර්ලන්ත කණ්ඩායමට පන්දු ඕවර 20.5දී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 90ක් පමණයි.
වික්‍රන්ජිත් සිං නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් අතර, ඔහු රැස් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 25ක්.
ඇඩම් සම්පා විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දු ඕවර් තුනක දී ලකුණු 3ක් ලබා දී කඩුළු 4ක් ලබා ගත්තා.
මෙය ඇඩම් සමපා අඛණ්ඩව තුන්වන වතාවටත් කඩුළු 4ක් දවා ගත් අවස්ථාවද වෙනවා.
ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයකින් ජය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුණා.
පන්දු 40කදී ශතකයක් වාර්තා කරමින් ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය ලෙස මැක්ස්වෙල්ගේ ඉනිම ඉතිහාසගත එක්වීමද විශේෂත්වයක්.
එමෙන්ම පන්දු යැවීමේදී බැස් ඩී ලීගේ පන්දු ඕවර 10ට ලකුණු 115ක් ලබාගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත්වුණා.
එය එක්දින තරගාවලියකදී පන්දු යවන්නෙක් ලබා දුන් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා පොත්වලට ඇතුළත් වෙනවා.
මිචෙල් ස්ටාර්ක් මේ වනවිට එක්දින ලෝක කුසලාන කඩුලු 56ක් දවාගෙන ඇති අතර, ඔහු ලසිත් මාලිංග සම කරමින් තෙවැනි ස්ථානයට පත් වුණා.
ඊයේ (25) කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර එහි දී ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
ඒ අනුව, නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 399ක් රැස් කිරීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.
මේ ජයග්‍රහණයත් සමඟ ඕස්ට්‍රේලියානු කණ්ඩායම දැනට තරග 3ක් ජයගෙන ඇති අතර, ප්‍රසාද ලකුණු සටහනේ 4 වෙනි ස්ථානයේ පසුවනවා.