දේශීය

රාජ්‍ය සේවකයින් අද විරෝධතාවයේ

දීප ව්‍යාප්ත විරෝධතා මාලාවක් අද (30) දහවල් කෑම පැයේදී සංවිධානය කරන බව, රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව පවසනවා.

ඒ, මෙවර අයවැයෙන් රුපියල් 20000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ලබාදෙන්නැයි ඉල්ලමින්.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ,ඒ සඳහා ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති එක්වන බවයි.

චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ, ලබන 13 වැනිදායින් පසු ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button