කලා

ස්වර්ණ පුස්තක සම්මානය නෝබට් අයගමට

ශ්‍රී  ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 17 වැනි වරටත් සංවිධානය කළ 2023 ස්වර්ණ  පුස්තක සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ  සම්මන්ත්‍රණ  ශාලාවේදී ඊයේ (8) පස්වරුවේ  පැවැත්වුණා.

එහිදී 2022 වසරේ ප්‍රකාශිත ප්‍රශස්ත නවකතාවට හිමි ස්වර්ණ සම්මානය නෝබට් අයගමගේ, කුර හඬෙකි වියැකෙන කෘතියට හිමි වුණා.

මෙහිදී  ස්වර්ණ  සම්මානය සහ මුදලින් රුපියල් ලක්ෂ අටහමාරක මුදල් තිළිණය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය  ප්‍රණිත් අභය සුන්දර මහතා විසින් කතුවරයා වෙත පිරිනමා තිබෙනවා.

එරික් ඉලයප්ආරච්චිගේ ‘පහනක අඳුර’ පි.බී.ජයසේකරගේ ‘උසාවි ගිය නෙරුඩා නොහොත් කාම ඝෝර කවියා’, සුරත් ද මැල්ගේ DUO’, මංජුල වෙඩිවර්ධනගේ ‘මුන්නක්කරේ සංසාරේ’ යන කෘති  මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ අවසන් වටය සඳහා නිර්දේශ වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button