දේශීය

අද හවස ගෑස් ගොඩබෑම පටන් ගනී

මෙරට මුහුදු සීමාවේ නැංගූරම්ලා ඇති නෞකා දෙකෙන් එක් නෞකාවකින් ගෑස් ගොඩබෑමේ කටයුතු අද සවස වන විට අරම්භ කරන බවට ලිට්‍රෝ සමාගම කියයි.

ඊයේ (16) රාත්‍රියේ ගෑස් නෞකා සඳහා ගෙවීමේ කටයුතු සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදන කළා.

නමුත් ගෑස් ආනයනය කළ සමාගමට ලිට්‍රෝ සමාගම විසින් ගෙවිය යුතු ඩොලර් මිලියන 6ක ණය මුදලක් ඉතුරුව තිබූ නිසා නෞකාව විසින් අද උදෑසන ගෑස් ගොඩබෑම ප්‍රතික්ශේප කර සිටියා.

මේ හේතුවෙන් සමාගම් දෙක අතර වෙනත් විකල්පයක් සඳහා සාකච්ඡා සිදුවූ බවට දැනගැනීමට ලැබුනා.

ලිට්‍රෝ සමාගම පවසන්නේ හෙට (18) දිනය වන විට ගෑස් බෙදාහැරීමේ කටයුතු නැවත ආරම්භ කළ හැකි බවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button