අද සිට ගුරු – විදුහල්පතිවරු අකුරට වැඩ

ගුරු-විදුහල්පතිවරු අද (22) සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ගුරු සහ විදුහල්පති සංගම් පවසනවා.
ඔවුන් පවසන්නේ, ඒ අනුව අද සිට පළාත් අධ්‍යාපන හා කලාප අධ්‍යාපන කාර්යාල නියම කරන වැඩමුළු, තත්ත්ව කව මෙන් ම පුහුණු වැඩසටහන්වලට සහභාගී නොවන බවයි.
ගුරු වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් රජය විසින් මේ වන විටත් නිසි විසදුමක් ලබා නොදීම හේතුවෙන් ඔවුන් විසින් මෙම අකුරට වැඩ කිරිමේ ක්‍රියාමාර්ගයේ යෙදෙන බව පැවසෙනවා.
ඉදිරි දෙසතිය තුළ පන්ති කාමරවල ඉගැන්වීමේ කටයුතුවලට පමණක් සම්බන්ධ වන අතර සියලු බාහිර කටයුතුවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පරාක්‍රම වික්‍රමසිංහ මහතා පැවසුවා.
කෙසේවෙතත් දේශපාලන ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සැලසුම්කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය නොදක්වන බව ගුරු-විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි සඳහන් කළා.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ගුරු-විදුහල්පතිවරු විසින් සාර්ථක වැඩ වර්ජනයක්ද පසුගියදා ක්‍රියාත්මක කරනු ලැබුවා.