විදෙස්

හිටපු ජනපති ට්‍රම්ප් 2024 ජනපති සටන අරඹයි .

හිටපු අමෙරිකානු ජනාධිපති, ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණය සඳහා වන ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා .

ඒ, දකුණු කැරොලිනා සහ නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තවලින්

දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වන ඝෝෂාකාරී රැලිවලින් බැහැරව කුඩා පරිමාණයේ රැස්වීම මාලාවක්, ඔහු විසින් ආරම්භකර තිබීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා .

නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ, රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු පැවසුවේ ට්‍රම්ප්ගේ පාලනයට ඔවුන් කැමත්ත පළ කළද, ඔහුගේ ප්‍රතිපත්තිවල නව මුහුණුවරක් දැකීමට අපේක්ෂා කරන බවයි.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වත්මන් ආණ්ඩුකාරවරයා ඇතුළු රිපබ්ලික් පාක්ෂිකයින් රැසක්, 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම, ට්‍රම්ප් ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button