දේශීය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා මියගොස් තිබෙනවා.
පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ, නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ මෙසේ විදුලි සැර වැදී ඇති අතර ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි.
පාලිත තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂ කළුතර හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයෙක්.
ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණා.
මේ වනවිට එතුමාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.