ඉතිහාසයේ පළමුවරට විශ්ව රූ රැජිනට සෞදියෙන් තරුණියක්

ඉතිහාසයේ පළමුවරට සවුදි අරාබියේ තරුණියක් විශ්ව රූ රැජින තරඟයට ඉදිරිපත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ලබන සැප්තැම්බර් මස 18 වැනිදා මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත 2024 විශ්ව රූ රැජින තරඟයට සහභාගි වීමට අවස්ථාව ලැබී ඇත්තේ සවුදි අරාබියේ රියාද් නුවර උපන් 27 හැවිරිදි රූමි අල්කාතානි නමැති තරුණියක් බවයි.
ඇය මැදපෙරදිග රටකින් විශ්ව රූ රැජින තරඟයට සහභාගි වන දෙවැනි තරුණිය ලෙසත් වාර්තාපොතට එක්වී තිබෙනවා.
මීට පෙර පසුගිය වසරේ බහරේන් රාජ්‍යයේ 19 හැවිරිදි ලුජානි යාකුබ් එල්සැල්වදෝර්හි පැවැති විශ්ව රූ රැජින තරඟයට එක්වෙමින් එම වාර්තාව තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඇය මීට පෙර සවුදි අරාබි රූ රැජින, මැදපෙරදිග රූ රැජින, අරාබි ලොව රෑ රැජින සහ සවුදි අරාබියේ රූමත් කාන්තාව ලෙස ජයග්‍රහණ රැසක් අත්කර ගත් බව වැඩිදුරටත් වාර්තාවනවා.