කලා
හෙළ සිනමාවේ සටන් නළු විල්සන් කරූ අභාවප්‍රාප්ත වෙයි

සිංහල රිදී තිරයේ ප්‍රකට සටන් නළුවකු වන විල්සන් කරුණාරත්න හෙවත් විල්සන් කරූ මහතා අද අභාවප්‍රාප්ත වූවා.
1942 ඔක්තෝබර් 28 වැනි දින කොළඹ දී උපත ලද විල්සන් කරුණාරත්න මහතා මිය යන විට 79 වැනි වියේ පසු විය.
‘හදවත් නැත්තෝ’ චිත්‍රපටයේ රඟපාමින් මෙම අසහාය සටන් නළුවා සිය සිනමා දිවිය ආරම්භ කරන්නේ 1974 වර්ෂයේදී යි.
2019 වර්ෂයේ දී ඔහු රංගනයෙන් දායක වූ ‘තිත්ත ඇත්ත’ චිත්‍රපටය ඔහු රඟපෑ අවසාන චිත්‍රපටය ලෙස සැලකෙනවා.
2021 වසරේ මාර්තු මාසයේ දී සිය නිවස තුල ඇද වැටීම හේතුවෙන් බරපතළ ලෙස රෝගාතුර වූ විල්සන් කරුණාරත්න, කොළඹ ජාතික රෝහලේ මාස ගණනාවක් නේවාසික ව ප්‍රතිකාර ලැබුවා.