දේශීය
අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයකට සූදානමින්

ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, අද (23) පෙරවරු 8ට පෙර වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා,
“අක්ෂි රෝහල තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් මේ වනවිට ඇතිව තිබෙනවා. කිසිසේත්ම ඔහුගේ තනතුරට ගැලපෙන ආකාරයට නෙමෙයි මේ පුද්ගලයා හැසිරෙන්නේ. ඒ නිසා දිගින් දිගටම මේ ගැන දැනුවත් කළා. නමුත් අපිට පේන්නේ නෑ සෞඛ්‍ය ලේකම් ලබාදුන් විධි විධාන හා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන බවක් බලධාරීන්. මෙයට විසඳුමක් උදේ 8 වෙද්දි ලබාදුන්නේ නැත්නම් මේ වනවිට තිබෙන තත්ත්වය සමාලෝචනය කර අපිට සිදුවෙනවා වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න.”