විදුලි ඉංජිනේරුවරු වර්ජනයකට සැරසෙයි

අද (08) මධ්‍යම රාත්‍රීයේ සිට සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.
එහි සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මේ වෙනවිට ආණ්ඩුව විදුලිබල පනත වෙනස් කිරීමට සූදානම් වන අතර, 2009 දී ඇති කළ පවතින විදුලිබල පනතට අනුව විදුලිය මිලදී ගැනීමේ දී අවම මිල සහතික කළ යුතුව තිබෙන බැවින් එම නිසා ජනතාවට අඩුම මිලට විදුලිය හැකි වන බවය.
නමුත් ලබන 9 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන පනත් සංශෝධනයෙන් අවම මිලට ගැනීම නවත්වා ඕනෑම කෙනෙකුට ඕනෑම මිලකට ලබා දීමේ හැකියාව ලැබෙන බැවින් එය රටේ ජනතාවට කරන අසාධාරණයක් බැවින් එය වහාම නවත්වන ලෙස ඉල්ලමින් සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළබවයි සඳහන් කරන්නේ.