දේශීය
ආගමික ස්ථානවල තෙල් දීමනාව නවතී

ආගමික ස්ථාන එකසිය හතළිහකට ආසන්න සංඛ්‍යාවකට ලබාදී ඇති ඉන්ධන දීමනාව නතර කිරීමට රජය තීරණය කර ඇත.
මෙම වාහන ජනාධිපති කාර්යාලය විසින් පසුගිය වසර දහයක කාලයක් තුළදී ආගමික ස්ථාන වෙත ලබාදී තිබේ.
මෙම වාහන සඳහා මසකට ලීටර් දෙසිය පනහක ඉන්ධන දීමනාවක් ලබාදී තිබේ. වාහන මෙලෙස ලබාදී ඇතත් ඒ පිළිබඳ ලේඛන ආණ්ඩුව සතුව නොමැති බවද වාර්තා වෙයි.
ඇතැම් වාහන සඳහා රියැදුරන් ආණ්ඩුවෙන් ලබාදී ඇති අතර ඇතැම් වාහන සඳහා රියැදුරන් ලබා ගෙන ඇත්තේ ආගමික ස්ථානවලිනි. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව රජය ප්‍රකාශ කරයි.