දේශීය

ඩීසල් ගෑස් නැව් වලට ඩොලර් ගෙවයි

මෙරට මුහුදු සීමාවේ දින 12ක පමණ කාලයක් ඩොලර් මිලියන 42ක් ගෙවීමේ ගැටලුව හේතුවෙන් නැංගුරම්ලා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවට අවශ්‍ය ගෙවීම් මේ වනවිට සිදුකර ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම නෞකාවේ ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000ක්ද ගෙනැවිත් තිබේ.

මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට පැමිණි පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක නෞකාවෙන් පෙට්‍රල් ගොඩබෑම මේ වනවිට ආරම්භ කර ඇති බවද වාර්තා විය.

මේ අතර, ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක නෞකාවක් ඊයේ දිවයිනට පැමිණි අතර එම ගෑස් ගොඩබෑමද ආරම්භ වී ඇති බව සඳහන් විය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button