දේශීය

IMF නියෝජිතයින් සමඟ සාකච්ඡා.

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර සාකච්ඡාව මහ බැංකු පරිශ්‍රයේදී ආරම්භ වී තිබෙනවා.

එම සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික නියෝජිතවරයා මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද සහභාගී වී සිටින බව සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහනට අදාළව ආර්ථික, මූල්‍ය ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා සඳහා අද(24) දිවයිනට පැමිණි එම අරමුදලේ නියෝජිතයින් පිරිස ලබන 31 වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button