දේශීය

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක​ගේ ප්‍රකාශයට වින​ය පියවර ගන්නවා – අගමැ​ති

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වතු ජනතාව සහ එම දරුවන් පාඩම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශ​ය සම්බන්ධයෙන් සොයාබලා විනය පියවර ගැනීමට උපදෙස්දී ඇති බ​ව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටි​යේ අද (22) පැව​ති පාර්ලිමේන්තු රැස්වීමේදී.

එහි​දී ඔහු වතු කම්කරු නායකයන් සියලු දෙනා වතු කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ගන්නාවූ ක්‍රියාමාර්ගයන්ට රජය කිසිදු හානියක් හෝ අපහාසයක් නොකරන බවද අවධාරණය කළා.

විදු​ලි බිල ගෙවාගත නොහැකිව විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවක, දරුවන්ට පාඩම් කිරීම සඳහා යාබද නිවසකින් විදුලිය ලබාදීමට යාමේදී පියා මියයාම පිළිබඳ ප්‍රකාශයක් කරමින්, විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා, දරුවන්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කළ හැකි බවටත්, වතුකරයේ පියවරුන් සවස බීමත් වන බවත්, කියා ඇති බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

එහි​දී විපක්ෂ නායකවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමි​න් අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස්,

“ගරු කතානායකතුමනි, විරුද්ධ පක්ෂයේ නායකතුමා නඟන මේ ප්‍රශ්නයට අපි මේ වන විටත් ඒ නිලධාරියා කර තිබෙන ප්‍රකාශයේ සත්‍ය හා අසත්‍යතාවය මත අවශ්‍ය විනය පියවර ගැනීමට උපදෙස් දීලා තියෙනවා. මම ස්තූතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමාටත් මේක නැගීම ගැන. ඒවාගේම, රාධක්‍රි‍ෂ්ණන් වතු කම්කරු නායකතුමා මෙතන ඉන්නවා, ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාලා, තොණ්ඩමන් මහත්තයාලා ඉන්නවා., අපි සියලු දෙනා වතු කම්කරු ජනතාවගේ අභිවෘද්ධය පිණිස ගන්නා වූ ක්‍රියාමාර්ගයට රජය කිසිම හානියක් හෝ අපහාසයක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button