දේශීය

කොත්තු ඇතුලු කෑම මිල ගණන්වල වෙනසක්

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මේ බව පැවසුවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සීනි මිල වැඩිවීම හේතුවෙන් තේ එකක මිල ද රුපියල් 5කින් සහ කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දමන බවයි.

මේ අතර සහල්, එළවළු, කුකුල් මස්, ලූනු ඇතුළු භාණ්ඩවල මිල ඉහළයෑම හේතුවෙන් කැම පැකට් එකක මිල රුපියල් 20කින් සහ කොත්තු සහ ෆයිඩ් රයිස් මිල රුපියල් 20කින් ඉහළ දමන බවද ඔහු පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button