උප දුම්රිය ස්ථානාධිපතිවරුනුත් වර්ජනයට

දුම්රිය ස්ථානාධිපති සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට උප දුම්රිය ස්ථානාධිපති සංගමයද සහයෝගය දක්වන බව සමස්ත ලංකා උප දුම්රිය ස්ථානාධිපති එකමුතු සංසදයේ සභාපති A.I.P සඳරුවන් මහතා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව උප දුම්රිය ස්ථානාධිපතිවරු ද වැඩවර්ජනයට සහභාගි වන බවයි දැනුම්දෙන්නේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්ජනයේ නිරත සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ දුම්රිය පාලකවරුන්ට අවසන් නිවේදනය නිකුත්කර තිබියදී මෙලෙස උප දුම්රිය ස්ථානාධිපති සංගමයද වැඩ වර්ජනයට සහය දක්වන බවට දැනුම්දී තිබෙනවා.
ශ්‍රී ලංකාව පුරා උප දුම්රිය ස්ථාන 172 ක් ඇති අතර උප දුම්රිය ස්ථානාධිපතිවරු ද වර්ජනයට එකතු වීමත් සමඟ සමස්ත දුම්රිය ධාවනය තව දුරටත් අඩපණ වනු ඇති.
මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරු සහ නියාමකයන් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 100 කට ආසන්න සංඛ්‍යාවෙන් දුම්රිය 23 ක් පමණක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුර ගමන් වාර 14 ක් කොළඹට ද, කොළඹ සිට දුම්රිය 9 ක් ලෙස එම ගමන්වාර 23 ක්‍රියාත්මක කළ බවත් දිනකට දුම්රිය ගමන් වාර 295 ක් පමණ ක්‍රියාත්මක වන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.