දේශීය
බස් ගාස්තු පිළිබඳව ගත් තීරණය

පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීම හෝ පෞද්ගලික බස් රථ ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධව ලබන අඟහරුවාදා (15) කැබිනට් තීරණ වලින් පසුව දැනුම් දෙන බව ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම මහතා පවසා තිබෙනවා.
මේ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් සිදුවනු ඇති බවත්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ශ මහතා සමග අද (13) සහ හෙට (14) යන දෙදින කරුණු සාකච්ඡා පැවැත්වෙන බවද පෞද්ගලික බස් රථ හිමියන් සමග හෙට (14) දිනයේදී සාකච්ඡා පැවැත්වෙන බවද තවදුරටත් අමාත්‍යවරයා පවසා තිබෙනවා.
එමනිසා, තීරණ දැනුම් දෙන තෙක් සේවා සැපයීම සාමන්‍ය ලෙස පවත්වාගෙන යන ලෙස පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් වලට දැනුම් දී ඇති බවත් සඳහන් කර ඇත.