විදෙස්
IMF ප්‍රධානියාටත් කොවිඩ්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF හී කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජියෝජියේවා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ඇයගේ තත්ත්වය බරපතල නොවන බවත් ඇයට සුළු රෝග ලක්ෂණ කිහිපයක් පමණක් පවතින බවත් ක්‍රිස්ටලීනා ජියෝජියේවා මහත්මියගේ ප්‍රකාශකයෙකු සදහන් කරනවා.
මේ හේතුවෙන් ඇය නිවසේ සිට රාජකාරි කටයුතුවල නිරත වන බවයි වාර්තා වන්නේ.
ක්‍රිස්ටලීනා ජියෝජියේවා මහත්මිය පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති කාන්තාවක් බවද සදහන්.