කලා

Jailer සිනමා පටයට අධිකරණ නියෝගයක්

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරු තරුව රජිනිකාන්ත් රංගනයෙන් එක්වන නවතම Jailer සිනමා නිර්මාණය පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

ඒ, එම Jailer සිනමාපටයට එරෙහිව අධිකරණය ලබාදුන් විශේෂ නියෝගයක් හේතුවෙන්.

අදාළ චිත්‍රපටයේ රූප රාමු කිහිපයක පෙනී සිටින, කොන්ත්‍රාත් භාරගෙන මිනිසුන් ඝාතනය කරන අයෙකු විසින් IPL ක්‍රිකට් කණ්ඩායමක් වන RCBට අයත් ජර්සියකින් සැරසී සිටින අතර, එයට එරෙහිව චිත්‍රපට නිෂ්පාදන සමාගමට පැවරූ නඩුවකට තීන්දුව ලබාදෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ, එම රූපරාමු නැවත සකස්කරන ලෙසටයි.

මේ අතර, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, එම චිත්‍රපට සමාගම විසින් අදාළ රූපරාමු ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් සංස්කරණය කිරීමට එකඟවී ඇති බවයි.

සැප්තැම්බර් මස 01 වනදා සිට මෙලෙස සකස්කරන ලද Jailer චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය කරන බව,   අධිකරණය වැඩිදුරටත් සදහන් කළා.

Jailer සිනමාපටය මේ වනවිටත් ඉන්දීය සිනමාවේ ආදායම් වාර්තා බිඳදමා ඇති බවත්, ලොවපුරා ප්‍රදර්ශනය හරහා උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 550කට ආසන්න බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button