දේශීය

පාසල් සිසුවියගේ මරණයට සැකපිට යුවළක් අත්අඩංගුවට‍

කළුතර ප්‍රදේශයේ හෝටලයක් පිටුපස දුම්රිය මාර්ගය අසල තිබී සොයාගත් දැරියගේ මරණය සම්බන්ධයෙන් යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ,මේ සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

කළුතර දුම්රිය මාර්ගයට යාබදව පිහිටි මහල් පහකින් සමන්විත තාවකාලික නවාතැන්පොළක තුන්වන මහලින් ඇද වැටී මියගොස් සිටි පාසල් සිසුවියකගේ නිරුවත් මළසිරුරක් සොයාගෙන තිබුණා.

පොලීසිය සඳහන් කළේ, 16 හැවිරිදි නාගොඩ ප්‍රදේශයේ පදිංචි දැරියක් එලෙස මියගොස් ඇති බවයි.

එම දැරිය තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සමඟ කළුතර ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වෙත පැමිණ කාමර දෙකක් කුලියට ගෙන රැඳී සිට ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ටික වේලාවකට පසු හෝටලයෙන් පිටව ගොස් ඇති අතර මියගිය දැරිය සමඟ සිටි පුද්ගලයා ද අනතුරුව හෝටලයෙන් පිටව ගොස් ඇති බවට වාර්තා වනවා.

පසුව හෝටලය පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී එම දැරියගේ නිරුවත් සිරුර සොයාගෙන තිබෙනවා‍.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් සහ පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය සමඟ සිටි තරුණයා සොයා විමර්ශන ආරම්භ කර තාබෙන බව සඳහන්.

අදාළ දැරිය මියගිය ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර මෙය ඝාතනයක් ද යන්න පිළිබඳව සොයා කළුතර දකුණ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button