විදෙස්

අසර්බයිජානය සහ ආර්මේනියාව අතර ගැටුම්

අසර්බයිජානයට එරෙහිව පැවති දේශසීමා ගැටුම්වලදී සිය හමුදා සාමාජිකයින් 49 දෙනෙකු මියගොස් ඇති බව ආර්මේනියා අග්‍රාමාත්‍ය නිකොල් පෂින්යෑන් පවසනවා.

මීට අමතරව තවත් හමුදා සාමාජිකයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර අසර්බයිජානය එල්ල කළ ප්‍රහාර යාම්තාක් දුරකට සීමාවී ඇති බව ආර්මේනියා අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

රුසියාව මැදිහත්වීමෙන් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව අසර්බයිජානය එල්ල කළ ප්‍රහාර සීමාවී ඇති බවද සඳහන්.

නාගෝර්නෝ – කරබාක්හ් (Nagorno-Karabakh) කලාපයේදී ආර්මේනියානු සහ අසර්බයිජාන හමුදා අතර මෙම ගැටුම් හටගෙන තිබුණා.

එහිදී කාලතුවක්කු සහ ෂෙල් ප්‍රහාර එල්ලකර ඇති අතර අසර්බයිජානය තම භූමිය අත්පත් කරගැනීමට සිදුකරන මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාකලාපයට එරෙහිව නැඟීසිටින ලෙස සියලු ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටින බව ආර්මේනියා අග්‍රාමාත්‍ය නිකොල් පෂින්යෑන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button