දේශීය

වගා හානිවූ ගොවීන් හැට පන්දහසකට වන්දි

වගා හානියට පත් ගොවීන් හැට පන්දහසකට වන්දි ලබා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ, හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් බැගින් වන්දි ලබා දීමට කටයුතු කර ඇති බවයි.

නියගයෙන් සහ ගංවතුරෙන් වගා හානිවූ ගොවීන් සඳහා වන්දි මුදල් ලබා දීමට ලබන මස අගදී ආරම්භ කරන බවද ඔහු සඳහන් කළා.

මේ අතර වීරකැටිය – අතුබොදේ යාය ප්‍රදේශයේදී පැරෂුට් ක්‍රමයට වී වගා කිරීමේ වැඩසටහනක් වීරකැටිය ගොවිජන සේවා මාධ්‍යස්ථානය ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button