විදෙස්

පීඩාවට පත් ඇෆ්ගනිස්ථානයට චීනයේ සහාය

භූකම්පන විපතින් පීඩාවට පත් ඇෆ්ගනිස්තාන ජනතාවට හැකි උපරිම අයුරින් එරට පවතින අවශ්‍යතා අනුව එම සහායන් ලබාදෙන  බව චීනය පවසනවා.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (9) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් මේ වන විට දස දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, 2445ක්  මියගොස්  ඇති බවත්   දැඩි දේපළ හානියක්ද සිදුව තිබෙන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button