විදෙස්

චීනය විදේශිකයින් සඳහා පැනවූ නිරෝධායන නීති ලිහිල් කරයි

චීනයට පැමිණෙන විදේශිකයින් සඳහා පනවා තිබූ අනිවාර්ය නිරෝධායනය අද(08)  සිට අහෝසි කිරීමට එරට බලධාරීන්  පියවර ගෙන තිබෙනවා .

ඒ, විදෙස් සංචාරකයින් සඳහා 2020 වසරේ සිට පනවා තිබූ අඛණ්ඩ නිරෝධායන රෙගුලාසි අවසන් කරමින් . 

පසුගිය මාසයේදී ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය චීන රජය විසින් අහෝසි කිරීමත් සමග බොහොමයක් කොවිඩ් රෙගුලාසි ලිහිල් කරනු ලැබුවේ, එරට තුළ ඇතිවූ මහජන විරෝධතා හමුවේ. 

කෙසේවෙතත් ලෝකයේ ප්‍රධාන රටවල් රැසක් මේ වනවිට චීනයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ වාර්තා අනිවාර්ය කර තිබෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button