දේශීය

2026 සිට සාමාන්‍ය පෙළ විභාගය වෙනසක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විෂය ධාරාවන් සංඛ්‍යාව 07කට සීමා වන අතර A,B,C යනුවෙන් කුසලතා සාමාර්ථයන් ලබාදීම සම්පූර්ණයෙන්ම අහෝසි වන බවට වාර්තාවනවා.

එහිදී සඳහන්වන්නේ,සාමාන්‍ය පෙළ විභාගයෙන් කිසිදු සිසුවෙකු අසමත් නොවන ක්‍රමයකට එනම් GPA හෙවත් Grade Point Average නම් කාර්ය සාධක ලකුණක් ලබාදීමට කටයුතු කරන බවටයි.

මේ අනුව 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය, විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන්නේ විද්‍යාව, ගණිතය, මව් භාෂාව, ඉංග්‍රීසි, ආගම හා සාරධර්ම අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය හා ඉතිහාසය යන විෂයන් සඳහා පමණයි.

මීට අමතරව තමන් කැමැති තවත් විෂයන් තුනක් සඳහා සිසුන්ට පෙනී සිටීමට අවස්ථාව ඇති අතර, එය පවත්වන්නේ 350ක්වූ පාසල් ඇගැයීම් හා අධ්‍යාපන මණ්ඩල හරහායි.

2025 වසරේ සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර 2026 වසරේදි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මෙම නව වෙනස්කම් ඇතුළත් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එහි​දී ඔවුන්ට A,B,C යනුවෙන් සම්මාන කුසලතා සාමාර්ථ ලබා නොදෙන අතර GPA හෙවත් යම් කාර්ය සාධක පරිමාවකට යටත්ව උසස් පෙළ විෂයන් තෝරා ගැනීමට අවස්ථාව උදා වනු ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ක්‍රමවේදයට අනුව කිසිදු සිසුවෙකු සාමාන්‍ය පෙළ විභාගය අසමත් නොවන අතර සෑම සිසුවෙකුම යම් ලකුණු පරාසයකට ඇතුළත්ව සමත් වනු ඇති.

ඒ අනුව 2027 වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා උසස් පෙළට පෙනී සිටින සිසුන් වෙනුවෙන් දැනට පවත්නා කලා, විද්‍යා, ගණිත, වාණිජ, තාක්ෂණ යන විෂය ධාරා 6ට අමතරව අධ්‍යාපන නමින් නවතම විෂය ධාරාවක් එකතු කෙරෙන අතර එහිදී අඩු කාර්ය සාධන පරිමාවකට ඇතුළත් වන සියලු සිසුන් සඳහා වෘත්තීය පාඨමාලාද අලුතින් එක් කිරීමට නියමිතයි.

එමෙන්​ම මෙමඟින් වර්ෂයකට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලු සිසුන්ට උසස් පෙළ හැදෑරීමට හැකි වන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර මහ​තා වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button