දේශීය
සංශෝධිත ඔන්ලයින් පනතට කැබිනට් අනුමැතිය

සංශෝධිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට 2024.02.12 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණා.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාසනය ලැබී තිබුණා.