විදෙස්
බයිඩන් වොඩ්කා එපා කියයි

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණයට විරුද්ධව සිදු කරන නවතම ප්‍රතිචාරය ලෙස, අමෙරිකානු ජනපති ජෝ බයිඩන් විසින් රුසියානු වොඩ්කා, දියමන්ති හා මුහුදු අහාර ආනයනය තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙන්නේ මෙම පියවර රුසියානු ආර්ථිකයට තවත් විශාල පහරක් වනු ඇති බවයි.
මේ වන විට රුසියාව වෙත සුඛෝපභෝගී භාණ්ඩ ප්‍රවාහනය, අමෙරිකාව, යුරෝපා සංගමය සහා එක්සත් රාජධානිය විසින් සහමුලින්ම නවතා දමන බවට ප්‍රකාශ කර ඇත.