දේශීය

තල් රා එතරට

තල් රා එංගලන්තයේ ජනප්‍රිය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කළ බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ පවසනවා.

මීට අමතරව තල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදනද එංගලන්තයේ ප්‍රචලිත කිරීමට කටයුතු යොදා ඇතැයි පැවසූ සභාපතිවරයා ඒ වැඩසටහනේදී තල් රා මොක්ටේල් ආකාරයට පිළියෙල කර ලබාදීම විශේෂත්වයක් බවද සඳහන් කළා.

තල් ආශ්‍රිත නිෂ්පාදන එංගලන්තයට හඳුන්වාදීමේ ව්‍යාපාරික හමුවක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මූලිකත්වයෙන් පසුගියදා සංවිධාන කෙරුණා. එංගලන්තයේ බෙදාහැරීම් නියෝජිත එස්.ජෙගන් තල් ආශ්‍රිත භාණ්ඩ ප්‍රවර්ධනය සහ එම භාණ්ඩ අගය එකතු කර විදේශීය වෙළෙඳ පොළට එක් කිරීම පිළිබඳව එම පිරිස මෙහිදී දැනුවත් කළ බව ක්‍රිෂාන්ත පතිරාජ මහතා සඳහන් කළා.

මෙම අවස්ථාවට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන, වෙළෙඳ ලේකම් සෝමසේන මහදිවුල්වැව ඇතුළු පිරිසක්ද සහභාගී වූණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button